මිනී කාමරයේ සේවකයා ප්‍රධාන රෝහලක යකා නටයි

Panadura Pothupitiya Wadduva morgue employee
By Sewvandhi Jan 14, 2022 09:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මංගල උත්සවයකදී හදිස්සියේ අසනීපවී රෝහල්ගත කළ තරුණයකු පානදුර රෝහලේ වෛද්‍යවරුන් පරික්ෂා කරමින් සිටියදී එම ස්ථානයට කඩාවැදුණු රෝහලේම මෘත ශරීරාගාරයේ සේවකයකු බව කියන පුද්ගලයකු තවත් පිරිසක් වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට පරුෂ වචනයෙන් බැන වැදී පිටව ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

 පානදුර ප්‍රදේශයේ උත්සව ශාලාවක ව පැවති මංගල උත්සවයකදී නර්තනයේ යෙදෙමින් සිටි වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයකු හදිසියේම ඇද වැටී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමට එහි සිටි සෙසු සිසු පිරිස කටයුතු කර තිබූ බව එම ආරංචි මාර්ග පවසයි.

අසාධ්‍ය තත්ත්වයේ සිටි එම රෝගියා සූක්ෂම ප්‍රතිකාර ඒකකය තුළ වෛද්‍යවරුන් කීප දෙනෙකු විසින් පරික්ෂා කරමින් ප්‍රතිකාර කරමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මංගල උත්සවය නර්තනයේ යෙදෙමින් සිටි පිරිස අතර සිටි මෘත ශරීරාගාරයේ සේවකයකු ඇතුළු 15 දෙනකු පමණ පිරිසක් බලහත්කාරයෙන් රෝහල් භූමියට කඩා වැදී ආරක්ෂක නිලධාරීන්ට හෙද කාර්ය මණ්ඩලයට ද පරුෂ වචනයෙන් බැනවදිමින් තරුණයාට ප්‍රතිකාර කරන ලෙස වෛද්‍යවරුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට බැන වැදි ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now