මෙහෙමත් අම්මලා.. තමන්ගේ දැරියට වරින් වර ලිංගික අතවර කරන්න අනියම් සැමියාට අනුබල දීලා.. විමර්ශනවල දී හෙළි වූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 16, 2023 03:37 AM GMT
krishani

krishani

Report

වයස අවුරුදු පහළොවක් වූ බාලවයස්කාර දැරියට ලිංගික අතවර කිරීම සඳහා අනියම් පුරුෂයාට ආධාර අනුබල දුන් මවක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

ඊට අදාළව එම දැරියගේ මව සහ දැරියට අතවර කළ මවගේ අනියම් සැමියාව අත්අඩංගුවට ගැනීමට ඊයේ(15) පරීක්ෂණ අරම්භ කර තිබෙනවා.

ඒ බව දිවුලපිටිය පොලිසිය සඳහන් කළේ ය.

මෙම දැරියගේ පියා පවුලෙන් වෙන්ව සිට ඇති අතර ලිංගික අතවරයට ලක් වූ බාල වයස්කාර දැරිය රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබයි.

10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය සහ දැරියගේ සහෝදරයා මව විසින් කරන ලද පැමිණිල්ලක් මත පෙරේදා (14) දිවුලපිටිය පොලිසියට කැඳවා තිබෙනවා.

එහිදී දෙපාර්ශ්වයම පොලිසියට පැමිණ ඇති අතර දැරියගේ සහෝදරයා මවට පහර දීමට තැත් කිරීම සහ මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

නමුත් නිසි භාරකාරත්වයක් නොමැතිවීම හේතුවෙන් දැරිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දැරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඊයේ (15) ඉදිරිපත් කර ඇත.

එහිදී දැරිය ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

පසුව දැරිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී මවගේ අනියම් සැමියා විසින් ඉකුත් ජුලි මාසයේ සිට නිවසේ කාමරයක් තුළ දී වරින් වර ලිංගික අතවර කළ බවට දැරිය පොලිසියට පවසා තිබෙනවා.

වැඩිදුරටත් පොලිසිය කියා සිටියේ සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙස ඉල්ලමින් දැරිය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.

කෙසේවෙතත්, දැරියගේ මව සහ අනියම් සැමියා පදිංචි නිවසින් අතුරුදන්ව ඇති පොලිසිය පැවසීය.

ReeCha