මැයි 9 බේරේ වැව අසලදී පහර කෑ පුද්ගලයෙකු ජීවිතක්ෂයට..!

Report

2022 මැයි 9 වැනි දින ඇති වූ නොසන්සුන්තාව අතරතුර පහරකෑමට ලක් වූ පුද්ගලයෙකු 2022 මැයි 16 වැනි දින මිය ගිය බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ පෙරහැර මාවත සහ බේරේ වැව අතරදී පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු මැයි මස 09 වනදා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගොස් ඇත්තේ කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය මැයි මස 18 වැනිදා මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයක්‌ පැවැත්වුණු අතර, අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළි වූයේ හිසට සහ පපු ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now