කතක් ඇඟ ඇතුලේ සඟවා ගෙනා 57ක දෙය - ඒවා ගන්න රෝහලටත් යවලා.. අවසානයේ සිදුවුණ දෙය..

Hospitals in Sri Lanka Drugs Latest Headlines Decision Making
By krishani Apr 14, 2024 03:25 PM GMT
krishani

krishani

Report

ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට ඉන්දියාවේ මුම්බායි හරහා පැමිණි 38 හැවිරිදි මැඩගස්කර් ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතක් ඇඟ ඇතුලේ සඟවා ගෙනා 57ක දෙය - ඒවා ගන්න රෝහලටත් යවලා.. අවසානයේ සිදුවුණ දෙය.. | A Madagascar Woman Was Arrested

ඒ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ය. 

මෙලෙස ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ශරීර අභ්‍යන්තරයේ සඟවා මත්ද්‍රව්‍ය රැගෙන ඒම හේතුවෙන් ය.

ඒ අනුව සැකකාරියව මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශරීර අභ්‍යන්තරයේ තිබී මත්ද්‍රව්‍ය ගුලි 57ක් පිටතට ගෙන තිබෙනවා.

එහි බර ග්‍රෑම් 620කට ආසන්න බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ය.

මෙම මත්ද්‍රව්‍ය ගුලිවල කොකේන් අඩංගු බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

කෙසේ වෙතත්, එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 26කට ආසන්න බව සඳහන් වේ.