ලොරි රථයක් අඩි 30ක ප්‍රපාතයකට පෙරළෙයි.
Sri Lanka Police
Sri Lanka
Accident
By Wayomi
අද (07) උදැසන 6ට පමණ භාණ්ඩ තොගයක් රැගෙන ගිය ලොරි රථයක් වටවල ප්‍රදේශයේදී අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
එය එළැඹෙන දීපවාලි උත්සව සමය වෙනුවෙන් අලෙවි කිරීම සඳහා භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් බවයි පොලිසිය කියා සිටියේ.
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති අතර ලොරිය තුළ තිදෙනෙකු ගමන් කර තිබෙනවා.
අනතුරින් ලොරියේ සහායකයා බරපතළ තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.
ලොරියට දැඩි හානි සිදුව ඇති අතර වටවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
