රනිල් අනුර ද්වන්ධ සටන - සියලූම ජනතාවට සජීවී විකාශයක්..

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Sep 10, 2024 12:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ, ‘මා මිත්‍ර අනුර’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිතර නිතර අමතන්නේ ඉදිරි ආණ්ඩුවක් යටතේ ඇති දඬුවම්වලින් ෂේප් වීමට බවයි.

නමුත් තමන් ඒවාට අහුවෙන්නේ නැති බවත් තම රජයක් යටතේ පළමුකොටම බැඳුම්කර වංචාවේ වරදකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් හෙතෙම පැවසුවේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට දිනයේ පාසල් කිහිපයක් හදිසියේම වසා දැමේ..

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට දිනයේ පාසල් කිහිපයක් හදිසියේම වසා දැමේ..

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ට කිහිප විටෙකදීම වේදිකාවන්හිදී ප්‍රශ්න කිහිපයක් යොමු කර ඇති බවත් ඔහු ඒවාට විටින් විට උත්තර දීමට සූදානම් නැති බවත් සඳහන් කළේය.

ඒ වෙනුවට දෙදෙනා සමග සජීවී විවෘත විවාදයක් සඳහා ආරාධනා කරන බවද එවිට දෙනාටම ඇති ප්‍රශ්න දෙදෙනාටම විමසා දැන ගත හැකි බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය. ජාතික ජන බලවේගය විසින් ආනමඩුවේදී පවත්වන ලද ජන රැුලියකදී ඔහු මෙ අදහස් පල කරන ලදී.

ජනපති රනිල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ජනපති රනිල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි