ජනපති රනිල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි

Ranil Wickremesinghe Asian Development Bank Financial crisis Economy of Sri Lanka
By Sewvandhi Sep 10, 2024 08:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2023-09-25 දින ,ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02ක් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, පළමු උප වැඩසටහන සඳහා,2023 දෙසැම්බර් වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දී තිබේ.

එහි දෙවන උප වැඩසටහන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් 12ක් සම්පූර්ණ කළ යුතු අතර, මේ වන විට එකී ක්‍රියාකාරකම් බොහොමයක් සම්පූර්ණ කර හෝ සම්පූර්ණ කිරීමේ අවසන් අදියරේ පවතී.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන උප වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.