නල්ලූර් ගිය කුඩා දැරියක් අතුරුදන්. - මේ දැරිය දැක්කොත් වහාම පොලිසියට කියන්න. (PHOTOS)
යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවයට පවුලේ අය සමඟ පැමිණ සිටි අවුරුදු 2ක කුඩා දැරියක් අතුරුදන්ව තිබෙනවා.
වවිනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය සිය මව, මිත්තනිය හා වසර 1 1/2 වන බල සොහොයුරා සමග ඉකුත් 6 වැනි දින නල්ලුර් ප්‍රදේශයට පැමිණ යාචක සේවයේ යෙදී සිට මුදල් එකතු කරමින් සිට ඇති බව යාපනය මුලස්ථානය පොලිසිය පවසන්නේ.
එම දැරිය සිගමන් යැදීම සඳහා කෝවිල් භූමියට පැමිණ ඇති අතර මෙම දරුවා එහි සිටි මඩකලපුවේ සිට පැමිණි යාචක කාන්තාවක් විසින් පැහැර ගෙන ගොස් ඇති බවට අදාළ දැරියගේ මව ප්‍රකාශ කරනවා.
දැරියගේ මව දැරිය මිත්තනිය බාර දී ඇය මුදල් එක්රැස් කිරීමට ගොස් සිටියදි මඩකලපුවේ සිට පැමිණ බව කියන සැකකාර කාන්තාව කඩයට යන බව පවසා මිත්තනියගෙන් දැරිය ඉල්ලාගෙන පිටවගොස් ඇති අතර, මේ දක්වා සැකකාරිය හා දැරිය යළි පැමිණ නොමැති බවයි පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ.
මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන යාපනය පොලිසිය පවසා සිටින්නේ දැරිය ගැන යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි.
යාපනය මුලස්ථානය පොලිසිය 021-2222222 / 021-3211257/071-8591329



