අවුරුදු 70කට පසු ආව මත්පැන් අලෙවිසැල..
By krishani
සෞදි ආරාබියේ මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබෙනවා.
ඒ වසර 70කට පසුව වීම විශේෂත්වයක් වේ.
1950 වසරේ දී පමණ සෞදි අරාබියේ එවකට රාජ්‍යත්වය දැරූ අබ්දුල්ලාසීස් රජු විසින් එරට මත්පැන් තහනම් කළේ ය.
එම තීරණය ගෙන ඇත්තේ තම පුත්‍රයෙකු වන මිෂාරි කුමරු මත්පැන් පානය කර ජෙඩාහිදී බ්‍රිතාන්‍ය උප කොන්සල් සිරිල් ඔස්මන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි.
ඊයේ (24) අරාබියේ රියාද්හී මෙම මත්පැන් අලෙවි සැල විවෘත කර ඇත්තේ මුස්ලිම් නොවන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණක් සීමා කරමින් ය.
කෙසේ වෙතත්, මෙම මත්පැන් අලෙවිසැල විවෘත කර ඇත්තේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ සංචාරක හා ව්‍යාපාරික ගමනාන්තයක් ලෙස සෞදිය පත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීවයි.
Sponsored By Sarrita Jewellery