අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්.

Sri Lanka Department of Meteorology Weather
By Hashini Oct 17, 2023 09:58 AM GMT
Hashini

Hashini

Report

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (17) රාත්‍රියේ ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි.

උතුරු, උතුරු මැද, වයඹ ,නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත්, නුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකිය.

එම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියාර ගන්නා ලෙසයි. 

ReeCha