මෙරටින් නරේන්ද්‍ර මෝදිට යැවූ විශේෂ ලිපිය.

Prime minister Sri Lanka Narendra Modi Government Of India India
By krishani Jul 19, 2023 06:50 AM GMT
krishani

krishani

Report

ඊයේ (18), දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ ඉන්දු - ලංකා සාම ගිවිසුම කෙරෙහි යළි අවධානය යොමු කොට දෙමළ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දීමට කටයුතු  කරන මෙන් ය.

එම ලිපිය ඊයේ කොළඹ දී ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත බාර දී ඇත.

පොලිස් හා ඉඩම් බලතල නොමැතිව උතුරු නැගෙනහිර වෙන් නොකොට ලබා දෙන දේශපාලන විසදුමකින් දෙමළ ප්‍රශ්න නොවිසදෙන හේතුවෙන් ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර අත්සන් තැබුණු ඉන්දු - ලංකා සාම ගිවිසුම ප්‍රකාරව මේ අවස්ථාවේ දී කටයුතු කිරීමේ වගකීම ඇත්තේ ඉන්දියාවට බව එම ලිපිය මගින් දන්වා තිබෙනවා.

එමෙන්ම, ඉඩම් හා පොලිස් බලතල ලබා නොදී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කාරණා අමතක කොට ලබා දෙන කිසිදු විසදුමකට දෙමළ දේශපාලනඥයින් හෝ දෙමළ ජනතාව කැමැත්තක් නොදක්වන බැවින් ඉන්දියාව මේ  කෙරෙහි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට යම් බලපෑමක් සිදු කළ යුතුව ඇතැයි ද එම ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

ReeCha