විභාග වෙමින් පවතින නඩුවක ලේඛන සපා කෑ නීතිඥවරිය.
Sri Lanka Police
Sri Lanka
By krishani
කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින ඉඩම් නඩුවකට අදාළ පිටපත් දෙකක් ඉරා සපා විනාශ කළ නීතිඥවරියක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ නීතිඥවරිය ලබන 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අද (28) ඇයව කැකිරාව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනුතුරුවයි.
අදාළ නීතීඥවරිය විසින් කැකිරාව දිසා අධිකරණයේ ලේඛනාගාරයට ඊයේ (27) අදාල එම නඩුව විභාග වන අවස්ථාවේ දී අයුතු ලෙස ඇතුලු වී අදාළ ලේඛන රැගෙන සපා කා විනාශ කර ඇති බව ඇයට චෝදනා එල්ල වී ඇත්තේ.
මේ අතර, මහේස්ත්‍රාත්වරයා විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත්තේ ඇය ලබන 31 වනදා රුධිර සාම්පල ලබාගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කරන ලෙසයි.
