තරුණ කතගේ මළ සිරුර තේ වත්තකින් හමුවෙයි

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Mar 04, 2023 01:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 පුස්සැල්ලාව සොගමාවත්ත ප්‍රදේශයේ, සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් තේ වත්තක තිබී සොයාගෙන ඇත.

පොලිස් හදිසි ඇමතුම්(119 ) මධ්‍යස්ථානයෙන් පුස්සැල්ලාව පොලීසියට ලද පණිවිඩයක් අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එහිදි අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාව 25 හැවිරිදි හෙල්බොඩ, කටුකිතුල ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් බවය. 

 සිද්ධිය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බව පොලීසිය පවසයි.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද, සියදිවි හානි කරගැනීමක්ද එසේත් නැතිනම් වෙනත් හේතුවකින් මරණයට පත්වීමක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා පුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha