උසස් පෙළ විභාගය ලියන සිසුන්ට අද සිට විශේෂ වෙයි..මේ ගැනත් දැනගෙන විභාගයට යන්න.

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Dec 04, 2024 12:47 AM GMT
Aruna

Aruna

Report

සැලසුම් කළ පරිදි අද (04) දිනයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නොවැම්බර් මස 27 වන දින සිට ඊයේ (03) දිනය දක්වා දින 06ක කාලයක් උසස් පෙළ විභාගය පැවැත්වුණේ නැහැ.

කෙසේවෙතත් විභාග කාලසටහනේ සඳහන් පරිදි අද දිනයේ සිට විභාග කටයුතු සිදුකෙරෙන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ.

එමෙන්ම තවදුරටත් ප්‍රවාහනය සහ මාර්ගවල යම් ගැටලුසහගත තත්ත්වයන් තිබේ නම් එම සියලුම ගැටලු සම්පූරණයෙන්ම විසඳීමට කටයුතු කරන බවයි, ඒ මහතා කියා සිටියේ.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..තවත් ලග්න කිහිපයකට වියදම් ගැන රතු එළියක්..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..තවත් ලග්න කිහිපයකට වියදම් ගැන රතු එළියක්..


ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා වැඩදුරටත් ප්‍රකාශ කළේ ය.

"අද සිට එනම් දෙසැම්බර් 4 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා විභාගය පැවැත්වෙන්නේ කලින් සැලසුම් කළ කාලසටහන අනුවම බවයි දැනුම්දී ඇත්තේ.

ඒ අනුව අපේක්ෂකයින්ට අපි ප්‍රවේශපත්‍රය සමග ලබාදුන් කාලසටහනේ තිබෙන ඒ දින වකවානුවලට තමයි දෙසැම්බර් 20 දක්වා විභාගය ක්‍රියාත්මක වෙන්නේ.

ඒ නිසා අපේක්ෂකයින්ට කිසිදු ගැටළුසහගත තත්ත්වයක් ඇති වීමට හේතුවක් වෙන්නේ නෑ.

විභාග නොපැවත්වූ ඒ දිනවල විභාගය දෙසැම්බර් 21 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කරනවා.

21,23,27,28,30 සහ 31 යන දිනවල නොපැවැත්වූ විභාගය පැවැත්වෙනවා."

"තවදුරටත් යම්කිසි විදියකට මේ ඇතිවූ තත්ත්වය අනුව මාර්ගවල යම්කිසි ගැටලුසහගත තත්ත්ව තිබේ නම් අපහසුතා තිබේ නම් මම අපේක්ෂකයින්ට අවස්ථාව ලබා දුන්නා තමන්ගේ මධ්‍යස්ථානයට යාමට නොහැකි අවස්ථාවලදී වෙනත් මධ්‍යස්ථානයකදී විභාගයට වාඩි වීම සඳහා කටයුතු කරන ලෙසට.

වාහන මිල විශාල ගණනකින් නොසිතූ ලෙස පහළ බසී..?!!වාහන ගන්න ඉන්න අයට මෙන්න සතුටුදායක ආරංචිය.(VIDEO)

වාහන මිල විශාල ගණනකින් නොසිතූ ලෙස පහළ බසී..?!!වාහන ගන්න ඉන්න අයට මෙන්න සතුටුදායක ආරංචිය.(VIDEO)


ඒ සම්බන්ධයෙන් ප්‍රදේශීය බලධාරීන් මෙන්ම ශාලාධිපතිවරුන් දැනුවත් කරලා තියෙනවා.

ඒ අනුව මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ විභාගට මුහුණ දෙන්න.

ඔබට තිබෙන ගැටලු අපි සම්පූර්ණයෙන්ම විසඳීමට කටයුතු කරනවා."

You May Like This Video



ReeCha