උසස් පෙළ සහ ශිෂ්‍යත්වය සිසුන්ට විශේෂ දැනුම් දීමක්..

Sri Lanka Education A/l exam Exam department Scholarship exam
By Aruna Sep 15, 2021 07:31 AM GMT
Aruna

Aruna

Report

විභාග කොමසාරිස්වරයාගෙන් නිවේදනයක් 2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමට දී තිබූ කාලය අදින් අවසන් වේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ අයදුම්පත් භාර ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ නොකරන බවයි.

උසස් පෙල විභාග අයදුම්පත්වලින් 92% ක් මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.

මේ අතර පාසල් නැවත විවෘත කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද දිනයේදී ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්විමේදියි.

පාසල් නැවත විවෘත කිරීමේදී ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ එක ශ්‍රේණියේ සිට 06 ශ්‍රේණිය දක්වාද 12 – 13 ශ්‍රේණි සදහාද යන්න සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව අමත්‍යවරයා පැවසුවේ.

අධ්‍යාපන විශේෂඥයින්ගේ ප්‍රමුඛත්වය අනූව දරුවන් එන්නත්කරණය සඳහා යොමු කිරීමට සැලසුම් සකස් කරන බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසුවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now