ගසක එල්ලා තිබියදී සොයා ගත් තරුණ මවගේ මරණයේ අබිරහස එළියට..ඇඟ කිලිපොලා යන කතාව (PHOTOS)

POLICE MIHINTHALE HANG ILLUPPUKANNIYA
By Sewvandhi Dec 01, 2021 11:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිසට පහරදී එක්දරු මවක ඝාතනය කර සිරුර අසල්වැසි ඉඩමක පිහිටි ගසක එල්ලා තිබියදී සොයාගත් බව මිහින්තලේ පොලිසිය කියයි. මියගිය තරුණ මවගේ සැමියා මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් අතුරුදහන්ව ඇතැයි ද ඔහු සොයා මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශනයක් ආරම්භ කළ බව ද පොලිසිය කියයි.

මිහින්තලය ඉලුප්පුකන්නිය, පදිංචි වයස අවුරුදු 24ක්වූ අමා කෞෂල්‍යා නැමති එක්දරු මව මෙසේ ඝාතනය ගසක එල්ලන්නට ඇතැයි පොලිසිය සැකපහළ කරයි. අසල්වාසියකු විසින් තරුණ කාන්තාවගේ සිරුර ගසක එල්ලෙමින් තිබෙනා බවට මිහින්තලය පොලිසියේ නිලධාරියකුට දුරකථනයෙන් කළ දැන්වීමට අනුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් එහි ගොස් සිරුර සොයා ගෙන තිබුණි.

මියගිය මවගේ තුන් හැවරදි දියණිය නිවසේ සිට ඇතත් අදාල සිදුවීම පිළිබදව ඇයට කිසිදු තේරුමක් නොමැති බව පොලිසිය පවසයි. කුඩා දියණිය මිත්තනිය බාරයට පත්කළ බව පොලිසිය සදහන් කරයි.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක සංජිව ජයසූරිය මහතා ස්ථානීය පරික්ෂණයට පැමිණ ගෙල වැලලා තිබූ සිරුර ගසෙන් බිමට ගෙන පරික්ෂණ පැවත්විය.

එහිදි මරණයට පත්ව සිටි කාන්තාවගේ හිසේ තුවාල කිහිපයක් තිබෙනා බව පොලිසිය තහවුරු කර ගෙන තිබූ අතර එය මොට ආයුදධයකින් හෝ හිස බිත්තියක හප්පා ඇති බවක් පොලිසිය අනාවරණය කර ගත්තේය.

ඒ අනුව කාන්තාවගේ මරණයට හේතුව පහරදීමක් වියහැකි බව නිගමනය කළ විනිසුරුවරයා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා මරණයට හේතුව අධිකරණයට වාර්තා කරනා ලෙස පොලිසියට නියෝග කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGallery