දඩයමේ ගිය පුද්ගලයෙකුට අත්වු ඉරණම

gun dead hunter iginiyagala namal thalava
By Sewvandhi Jul 29, 2021 02:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉඟිණියාගල පොලිස් වසමේ නාමල්තලාව ප්‍රදේශයේ දඩයමේ ගිය පුද්ගලයෙක් ට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (28) රාත්‍රී 10.30ට පමණ සතුන් දඩයමේ ගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයක් සතෙකුට තැබු වෙඩි පහරක් වැදී බරපතළ තුවාල ලබා ඇත.

පසුව එම පුද්ගලයාව ඉඟිණියාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වු නාමල්ඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

එම වෙඩි තැබීම සිදුකළ සැකකරු මෙරට නිෂ්පාදිත ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට තිබේ. ඉඟිණියාගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha