මළ සිරුරු 30ක් සොයාගැනේ - හිටපු ජනපති පුත්‍රයෙක් අත්අඩංගුවට

By Sewvandhi Nov 24, 2022 07:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී වනාන්තරයක තිබී මළ සිරුරු 30ක් සොයා ගැනීමෙන් පසු එම සිදුවීම සම්බන්ධයෙන් මලාවි හිටපු ජනාධිපති පීටර් මුතාරිකාගේ පුතෙක් අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය සඳහන් කර තිබෙනවා

මෙම මළ සිරුරු දකුණු අප්‍රිකාවට ප්‍රවාහනය කරන ලද ඉතියෝපියානු සංක්‍රමණිකයන් යැයි සැලකෙන පිරිමි පුද්ගලයන්ගේ බවට විශ්වාස කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙම පිරිස ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැක කෙරෙන වාහනයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට පොලිසිය සඳහන් කර තිබෙන්නේ හිටපු පාලන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP) හිටපු ජනාධිපතිවරයාගේ පුතාව අත්අඩංගුවට ගැනීම ගැන පවසා ඇත්තේ මුතාරිකා මහතාගේ පවුලට සහ ඔහුගේ ආධාරකරුවන්ට එරෙහි දේශපාලන ක්‍රමන්තණයක් ලෙසයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී Mzimba හි උතුරු දිස්ත්‍රික්කයේ වනාන්තරයක තිබී මළ සිරුරු 25ක් සහිත සමූහ මිනීවළක් සහ තවත් සිරුරු පහක් සහිත මිනී වළක් එරට පොලිසිය විසින් සොයා ගැනුණා මළ සිරුරු ගොඩගෙන ඇතත්, මරණ පරීක්ෂණවල ප්‍රතිඵල එරට බලධාරීන් මෙතෙක් අනාවරණය කර නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පිරිස හුස්ම හිරවී මිය ගොස් ඇති බවත් පසුව ඔවුන් වනාන්තරයේ වළලනු ලැබූ බවත් ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබෙනවා මේ පිළිබඳව පොලිසිය වැඩිදුර තොරතුරු ලබා දී නොමැති අතර, පරීක්ෂණ දිගටම සිදු කරන බවයි පැවසෙන්නේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now