නිවසක ගින්නක් - කාමරයක් සම්පුර්ණයෙන්ම දැවී යයි.

Sri Lanka Fire
By krishani Aug 27, 2023 12:24 PM GMT
krishani

krishani

Report

අද (27) දහවල් කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න පාලනය කර නිවා දැමීමට එම ප්‍රදේශවාසීන් සමත් වී ඇති බව කැකිරාව පොලිසිය සඳහන් කළේ ය.

එම ගින්නෙන් නිවසේ එක් කාමරයක් සම්පුර්ණයෙන්ම දැවී විනාශ වී තිබෙනවා.

එම නිවසේ සහෝදරියන් දෙදෙනෙකු වාසය කරන අතර නිවසේ කිසිවෙකුත් සිට නොමැති අවස්ථාවක මෙලෙස ගින්න හටගෙන තිබෙන්නේ.

එහිදී නිවස ගිනි ගන්නා බව දුටු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කඩිනමින් ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් ගින්න හටගත් ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ReeCha