නිවසක ගින්නක් ඇවිලී යයි - පිළිස්සුම් තුවාල ලබා දෙදෙනෙක් රෝහල්ගත කරයි.

Sri Lanka Fire
By krishani Aug 19, 2023 07:26 AM GMT
krishani

krishani

Report

ඊයේ (18) පෑලියගොඩ - පෙතියාගොඩ ප්‍රදේශයේ නිවසක ගින්නක් ඇති වී තිබෙනවා.

එම ගින්න නිවසේ පළමු මහලේ කාමරයක් තුළ හටගෙන ඇති අතර ඒ අවස්ථාවේ දී නිවසේ හිමිකරු හා ඔහුගේ පුතා පමණක් සිට තිබෙනවා.

ගින්නෙන් ඔවුන් දෙදෙනාම පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත.

නිවසේ හිමිකරු ලිහිසි තෙල් බෝතල්වලට දමා අලෙවි කිරීම් සිදුකර ඇති අතර එම බෝතල් ඇසුරීම් කිරීමට යාමේ දී ගින්න හටගෙන ඇති බව වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පෑලියගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබයි.

ReeCha