රුපියල් 50,000 ට අලුත උපන් කිරිකැටියා විකිණු පාපතර පියා - මෙරටින් ඇසෙන අධි සංවේදී පුවත..(VIDEO)

Sri Lanka Police Anuradhapura Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 26, 2022 07:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දින 7ක් වයසැති බිළිඳෙක් පියා විසින් රුපියල් 50,000කට විකුණා ඇති අතර බිළිඳාව මිලට ගත් කාන්තාව සහ අතරමැදි ලෙස කටයුතු කළ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ එම ගනුදෙනුවේ අතරමැදියා ලෙස කටයුතු කළ අනුරාධපුර ත්‍රිරෝද රථ රියැදුරෙකු බව පොලීසිය පවසයි.

දරුවාගේ මව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී එම බිළිඳා සමග සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. තම බිළිඳා රුපියල් 50,000ක මුදලකට විකුණූ පියා එම ගණුදෙනුවෙන් පසු ප්‍රදේශය අතහැර පළා ගොස් ඇති බවත් ගනුදෙනුව සිදුකර දරුවා සහ මුදල් දෙපාර්ශ්වයට ලබා දී ඇත්තේ අතරමැදියා ලෙස කටයුතු කළ පුද්ගලයා බවත් හඳුනාගෙන ඇතැයිද පොලීසිය පවසයි.

නීත්‍යානුකූලව විවාහ නොවී අනුරාධපුර නගරයේ විවිධ ස්ථානවල අඹු සැමියන් ලෙස නවාතැන් ගෙන සිටින මෙම යුවළේ පිරිමි පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, කාන්තාව කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අද (26) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති මහත්මිය ගේ මෙහෙයවීමෙන් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබූහ.

 (වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW