සුපිරියිනේ - බලන්නකෝ අපේ ජනපති කාවද හමුවෙලා තියෙන්නේ කියලා

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් BBNJ සාමාජිකත්වයට 60වන රටත් එක්වීම සැමරීම සඳහා නිව්යෝර්ක් හිදී පවත්වනු ලැබූ උත්සවයට සහභාගි වි ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේ අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය හා සම්බන්ධ වූ අවස්ථාවේදී ජනපති මෙම උත්සවයට සහභාගී වූ බවයි.

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

මෙන්න අස්වැසුම වැඩිහිටි දීමනාව පොතට වැටෙන දවස

මේ ආකාරයට 'BBNJ' ලෙස හදුන්වනු ලබන්නේ ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුමටය. ප්‍රංශ රජය විසින් BBNJ උත්සවය සදහා රටවල් 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත.

එහිදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ඇතුළු සෙසු රටවල රාජ්‍ය නායකයන් රැසක් ඊට සහභාගී වූ අතර මෙම ගිවිසුමට එක් වූ 58වන සාමාජික රට ශ්‍රී ලංකාව වේ.

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

ශ්‍රී ලංකාව 2025 සැප්තැම්බර් 16වනදා BBNJ ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුමට පැමිණියේය.

මෙහිදී ලෝකයේ සාගරවලින් 2/3ක් ආවරණය කරන මෙම ගිවිසුමෙන්, සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශවලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු වන අතර ගිවිසුම 2026 ජනවාරි 17 වන දින සිට නිල වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත වේ.

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි