සියල්ලන්ටම සුබ ආරංචියක්..! covid මරණ අඩු කිරීමට නවතම සොයාගැනීම මෙන්න..
මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ඖෂධයක් මඟින් කොවිඩ් මරණ අවදානම අඩුවන බවට සායනික පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තීකරණ සහ සෛල ජීවවිද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, බ්‍රසීලයේ සිදුකළ සායනික පරීක්ෂණයකින් එම තොරතුරු අනාවරණය වී ඇති බවය.
එම ඖෂධ භාවිත කළ කොවිඩ් ආසාදිත පුද්ගලයින් සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාව ද ඉතා අවම මට්ටමක පැවති බව එම පරීක්ෂණය මඟින් අනාවරණය වී තිබේ.
අදාළ ඖෂධය භාවිතය මඟින් කොවිඩ් මරණ අනුපාතය සියයට 90කින් පහත වැටෙන අතර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතාව ද සියයට 65කින් පමණ පහත වැටී ඇති බව වාර්තා වේ.
බ්‍රසීලය විසින් මානසික රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා බහුලව භාවිත කරන ෆ්ලොවැක්ස්මයින් සහ ප්ලෙසබෝ නමැති ඖෂධය මඟින් පුද්ගලයින් 1,497 දෙනෙකු යොදාගනිමින් එම පරීක්ෂණය සිදුකර තිබේ.
එම අත්හදා බැලීම කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ඉතා හොඳ විකල්පයක් වුව ද කොවිඩ් -19 වෛරසයට එරෙහි එන්නත ඵලදායී නොවන බවට යෝජනාවක් නොවන බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වාදෙයි.
-----------------------------------------------------
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |