හිස තුවාල වූ තරුණයෙකුගේ සිරුරක් නොහිතපු තැනකින් හමු වෙලා..

Report

අද (27) මීරිගම විජය රජදහන සහ මීරිගම දුම්රිය ස්ථාන අතර තිලිණගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී හිසේ තුවාල සහිතව මරණයට පත් වූ තරුණයකුගේ සිරුරක් හමු වී තිබෙනවා.

හිස තුවාල වූ තරුණයෙකුගේ සිරුරක් නොහිතපු තැනකින් හමු වෙලා.. | A Dead Body Of A Young Man At Mirigama

ඒ බව මීරිගම පොලීසිය සඳහන් කළේ ය.

මෙලෙස මිය ගොස් ඇත්තේ මීරිගම , විල්වත්ත බෝගහහේන පාර, පදිංචි ව සිටි ක්‍රීඩා අමාත්‍යාංය‍ෙ කාර්යාල සහයකයෙකු ලෙස සේවය කළ චන්දිම ලක්මාල් පෙරේරා නැමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙක් ය.

මියගිය තරුණයා ඊයේ (26) දහවල් දානමය පින්කමකට සහභාගි වී ඇති බව වාර්තා වීය.

අනතුරුව පස්වරුවේ සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණු බව ඔහුගේ පියා පැවසූ බව පොලිසිය කියා සිටියේ ය.

ගෙදර යමින් සිටි ජනප්‍රිය නළුවෙක් මහමග දී ම වෙඩි ප්‍රහාරයකින් අවසන් ගමන් යයි..(PHOTOS)

ගෙදර යමින් සිටි ජනප්‍රිය නළුවෙක් මහමග දී ම වෙඩි ප්‍රහාරයකින් අවසන් ගමන් යයි..(PHOTOS)


මියගිය අය කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් පමණක් ඇඳ සිට ඇති අතර රාත්‍රී කාලයේ ඔහු ගමන් කළ ස්ථානයක් පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැතැයි පොලිසිය පැවසීය.

කෙසේ වෙතත්, මියගිය තරුණයාගේ මළ සිරුර හමු වී තිබුණේ ඔහු පදිංචිව සිටි නිවසේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් වේ.