අභිරහස් ලෙස මියගිය ගුරුවරයෙකුගේ මළ සිරුරක් හමු තැන. (PHOTO)

Sri Lanka Police Mysterious Death Teachers
By Wayomi Nov 08, 2024 04:52 AM GMT
Wayomi

Wayomi

Report

මුලතිව් ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකුගේ මළ සිරුර ඔහු සේවය කරන පුල්මුඩේ මහා විද්‍යාලයේ ගුරු නිවාසයක් තුළ තිබී ඊයේ (07) සොයාගෙන තිබෙනවා.

මුලතිව් ප්‍රදේශයේ පදිංචි නුහු ලෙබායි මොහොමඩ් මුබීස් (28) නැමති මෙම ගුරුවරයා ඔහුගේ ස්ථාන මාරුවීම සකසා ගැනීම පිණිස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත යන බව විදුහල්පතිවරයාට හා ඔහුගේ මිතුරන්ට ප්‍රකාශ කර ඇති අතර, ඉන් පසුව ඔහු පාසල තුළ දැක ගන්නට ලැබී නොමැති බවට වාර්තා වන්නේ.

ඔහුගේ බිරිඳ මුලතිව් සිට ගුරුවරයාට දුරකථන ඇමතුම් කීපයක්ම ලබා ගත් නමුත් ඔහු ඒවාට පිළිතුරු ලබා නොදීම නිසා පාසලේ ගුරුවරියකට දුරකථන ඇමතුමක් ලබා දී ඔහු ගැන විමසා ඇත.

අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි. - 2024 අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සුවිශේෂ දැනුම්දීමක්.

අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි. - 2024 අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සුවිශේෂ දැනුම්දීමක්.

 

අනතුරුව පාසලේ ගුරුවරු පිරිසක් ඔහු නේවාසිකව සිටි ගුරු නිවාසයට ගොස් බලන විට යට ඇදුමක් පමණක් ඇතිව ඇදක් මත මියගොස් සිටි ගුරුවරයාගේ මළ සිරුර හමු වී ඇති අතර පසුවසිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ පොලිසියට දැනුම් දී තිබෙනවා.

මෙහිදී ගුරුවරු පවසා ඇත්තේ, මියගොස් සිටි ගුරුවරයාගේ කකුල්වලින් අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබූ බවයි.

පසුව ගුරුවරයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා පුල්මුඩේ රෝහල වෙත බාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ඉහළට. - රු. බිලියන 480.3 ක්.??

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම් ඉහළට. - රු. බිලියන 480.3 ක්.??

අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට VAT 0%? - නව රජයේ කරන්න යන දේ මෙන්න.

අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට VAT 0%? - නව රජයේ කරන්න යන දේ මෙන්න.

ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර පහල බැසීමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

ආයෙත් රන් මිලෙහි සීඝ්‍ර පහල බැසීමක්. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

Gallery
ReeCha