මෙරට හීලෑ අලි අතර මතුව ආ අවදානම් තත්ත්වය.

Sri Lanka Elephant
By krishani Aug 28, 2023 05:25 PM GMT
krishani

krishani

Report

මෙරට හීලෑ අලි අතර බරවා රෝගය පැතිර යාමේ අවදානමක් මතු වී ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කළේ ය.

එම නිසා මෙවර පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වී සිටින අලි ඇතුන් විශේෂ පරීක්ෂණයකට ලක් කරනු ලබයි. 

ඒ අනුව ඊයේ (27) දින මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගී වී සිටින අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂ පශු වෛද්‍ය සායනයක් ද පැවැත්විණ.

කෙසේ වෙතත්, අදහස් දක්වමින් වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ මෙරට හීලෑ අලි අතර බරවා රෝගය පැතිර යාමේ අවදානමක් මතු වී ඇති බවයි.

ReeCha