සුපිරි ක්‍රිකට් තරුවගේ බැංකු ගිණුම් අත්හිටුවයි. - පන්දු යැවීමේ ඉරියව්ව ගැනත් පළමු වරට හෙළි වූ දේ මෙන්න.
By Wayomi
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ෂකීබ් අල් හසන්ගේ බැංකු ගිණුම් අත්හිටුවා තිබෙනවා.
ඒ, ඔහුට එල්ල වී ඇති මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළව බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය විසින් එම පියවර ගෙන ඇත.

ජනපති අනුර උපයනවිට බද්ද සංශෝධනය කරයි. - . අඩු වැටුපක් සහ වැඩි වැටුපක් ලබන අයට ඉන් සහන ලැබෙන්නේ මෙහෙමයි.
ෂකීබ් අල් හසන්ගේ පෞද්ගලික හා ව්‍යාපාර මෙන්ම බිරිඳගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දෙන ලෙස බංග්ලදේශයේ මූල්‍ය බුද්ධි ඒකකය මීට පෙර ඔහුට දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත් මොහු මේ වනවිට සිය පවුලේ සාමාජකයින් සමග ඇමරිකාවේ පදිංචිව සිටින අතර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ද පසුගිය දා පළමු වරට චෝදනා එල්ල විය.