කාමරයක් තුළ පිළිස්සී මියගොස් සිටි අඹුසැමි යුවළ..(VIDEO)

By Sewvandhi Oct 01, 2022 01:01 PM GMT
Report

නිවසක් තුළ පිළිස්සී මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවී තිබේ. පොලීසිය පැවසුවේ වැල්වැටිතුර නෙදියකාඩු ප්‍රදේශයේ නිවසක තිබී එම සිරුරු සොයාගත් බවය.

අද (01) අලුයම 4.15 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය සැක කරයි. එලෙස පිළිස්සී මියගොස් ඇත්තේ 30 හැවිරිදි සරවනභවා රංජිත්කුමාර් නමැති පුද්ගලයෙක් සහ 26 හැවිරිදි ක්‍රිෂාන්තිනී නමැති ඔහුගේ බිරිඳය.

නිවසේ සිටි අනෙක් පිරිස අදාළ කාමරයේ දොර කඩා කාමරයට ඇතුළුවී තිබෙන අතර ඒ වනවිටත් ඔවුන් පිළිස්සී මියගොස් ඇති බව ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

  (වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now