රජයට මිලියන 660ක් පාඩු කරන්නට ගිය නීති විරෝධී ආනයන බහාලුමක් රේගු භාරයට...
By Parami Dissanayake
අද(26) දිනයේ දී නීති විරෝධීව ආනයනය කළ බහාලුමක තිබී දුම්වැටි, තිරිඟු පිටි සහ කහ කැබලි තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී සොයා ගෙන තිබෙනවා.
දුම්වැටි තොගය රුපියල් මිලියන 757 ක්, උඳුපිටි තොගය රුපියල් මිලියන 23ක් සහ කහ තොගය මිලියන 14ක වටිනාකමකින් යුක්ත වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසා සිටියි.
මෙම භාණ්ඩ තොගය රටට ඇතුළු වූයේ නම් රජයට අමිවන මුදල රුපියල් මිලියන 660ක් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.