නිවසට අකුණක් වැදී Online පන්තියේ සිටි දරුවාට සිදු වු දේ..

THUNDER HAMBANTHOTA ONLINE CLASS WEERAKATIYA
By Sithumi Dec 19, 2021 11:29 AM GMT
Sithumi

Sithumi

Report

අධ්‍යාපන කටයුතු සඳහා ඔන්ලයින් පන්තියකට සහභාගී වෙමින් සිටි දරුවෙකු ඊයේ (19) සවස අවාසනාවන්ත අනතුරකට මුහුණ දී තිබුණි. ඒ යාබද නිවසට අකුණු සැර වැදීමෙනි. ඒ වනවිට ඔන්ලයින් පන්තියට සහභාගී වී සිටි දරුවා ඉන් දැඩි කම්පනයට පත්වී තිබුණි.

එම දරුවා මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සිද්ධිය වාර්තා වී තිබුණේ වීරකැටිය කටුවැව ප්‍රදේශයෙනි. අනතුරට මුහුණ දී තිබුණේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීම සඳහා සූදානම් වෙමින් සිටි දරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කළ අදාළ දරුවාගේ ඥාතියෙක් පැවසුවේ,

"මගේ අක්කාගේ පුතා. එයා ඔන්ලයින් පංතියක ඉන්කොට අකුණ වැදුණේ. එයාගේ ඇගේ විදුලිය ගිහිල්ලා වගේ දගල දගල හිටියේ. පුතා බඩගාගෙන ගිහින් ඇඳේ වැතිරුණා. මම ජනේලේ ගාවට යනකොට දරුවා දගලනවා දැක්කා. දරුවගේ වචන පිටවුණේ නැහැ. මොකද පුතේ කියලා අහපුවාම වැදුණා කිව්වා. මටත් හිතාගන්න බැරි වුණා මොකක්ද වුණේ කියලා. ඊට පස්සේ මම කෑගහලා කට්ටියට කතා කළා. ඔක්කොම දුවගෙන ආවා. දරුවා වෙව්ලද්දිම ඉක්මනට රෝහලට රැගෙන ගියා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now