මව්රට බලා යන්න ආ විදේශීය යුවළට අධිවේගයේදී සිදු වූ අනතුර.

Sri Lanka Police Accident Highways In Sri Lanka
By Wayomi Feb 19, 2024 06:28 AM GMT
Wayomi

Wayomi

Report

විදේශීය යුවළක් රැගෙන කටුනායක ගුවන්තොටුපළ දක්වා යමින් සිටි මෝටර් රථයක් අධිවේගී පිවිසුමේදී අනතුරට පත්ව තිබෙනවා.

ඒ, කොට්ටාව අධිවේගී පිවිසුම අසල ආරක්ෂිත වැටෙහි ගැටීමෙන්.

එම අනතුරින් තුවාල ලැබූ විදේශීය යුවළක් ඇතුළු තිදෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කර සිටියේ.

එලෙස අනතුරට මුහුණු දෙනු ලැබුවේ, 76 සහ 78 හැවිරිදි ඉතාලි ජාතික අඹුසැමි යුවළක් සහ අනුරාධපුර බන්දුලගම පදිංචි (42) හැවිරිදි රියදුරෙක්.

මෙම විදේශීය අඹුසැමි යුවළ මෙරට සංචාරය අවසන් කොට ඉතාලි රාජ්‍යයට යාම සඳහා 18 දා රාත්‍රී 09 පමණ හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට මෝටර් රථයකින් කටුනායක ගුවන්තොටුපල දක්වා යාමට පිටත්ව තිබුනා. 

ReeCha