වික්ටෝරියා රක්ෂිතයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.
Police spokesman
Kandy
Sri Lanka
By Hashini
වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට තලාතුඔය පොලිසිය සමත් වී තිබෙනවා.
පොලිසිය විසින් මහනුවර හඟුරන්කෙත ප්‍රධාන මාර්ගයේ 16 කණුව අසල තිබී 40mm බෝම්බ විදිනයක් ආධාරයෙන් පිපිර වීමට යොදා ගන්නා බෝම්බයක්, LMG වර්ගයේ උණ්ඩ නවයක්, 50mm වර්ගයේ ගුවන් යානා නාශක උණ්ඩයක්, ජීව අත්බෝම්බ 3ක් සොයා ගෙන ඇත.
තලාතුඔය පොලිසිය වැඩිදුරටත් පැවසුවේ කලකට පෙර කිසියම් පුද්ගලයෙක් විසින් මෙම ස්ථානයට පුපුරණ ද්‍රව්‍ය රැගෙන විත් දමා ඇති බවයි.
පොලිසිය විසින් අඹකොටේ විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් කැඳවා පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.
