මගී බස් රථයකින් විශාල නාගයෙක් මතු වෙයි..කාන්තාවක් කෑ ගසමින් නයා පෙන්නයි..

Sri Lanka Police Jaffna Kilinochchi Vavuniya Department of Motor Vehicles
By Aruna Aug 29, 2023 07:12 AM GMT
Aruna

Aruna

Report

යාපනය සිට වවුනියාව බලා ධාවනය වූ ලංගම බස් රථයක විශාල නාගයකු සිටීමත් සමඟම බසයේ සිටි මගීන් බියට සහ කලබලයට පත් වී බසයෙන් බැස දිවගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙම බස් රථය උදෑසන යාපනයෙන් පිටත් වී පැය එකහමාරක් පමණ ගත වන තුරුත් මගීන් කිසිවකු හෝ මෙම නාගය දැක නොමැති බවයි පැවසෙන්නේ.

අනතුරුව කිළිනොච්චිය නගරයේදී බසයට නැගුණු කාන්තාවක් මෙම නාගයා බස් රථය තුළ සිටිනු දැක බියට පත් වී කෑගසා තිබේ.

ඇයගේ කෑගැසීමත් සමඟ බසයේ රියැදුරු බසය නතර කර තිබෙන බවයි පැවසෙන්නේ.

නමුත්, නාගයෙක් සමඟ බසය මහමඟ ධාවනය කළ රියැදුරුට විනය පරීක්ෂණයක් කරන්නට නියමිතව ඇති බව වාර්තාවේ.

ReeCha