පාසල් ළමුන් 30කට ආසන්න පිරිස එක්ක ගිය බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සයි

Accident Sri Lankan Schools School Children Sinhala news
By Shehan May 14, 2025 08:34 AM GMT
Shehan

Shehan

Report

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී පාසල් ළමයින් පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අනතුරකට ලක්ව තිබේ.

මෙම අනතුර අද (14) උදෑසන 7:30ට පමණ සිදුව ඇති බව වාර්තා වේ. බස් රථයේ ගමන් ගත් ළමුන් උතුවන්කන්ද ප්‍රදේශයේ පාසලකට අයත්ව සිටි අතර, ඔවුන් උදෑසන පාසල් වාරය සඳහා ගමන් කරමින් සිටියහ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ළමුන් 30කට ආසන්න පිරිසක් සහ බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා සිට ඇත.

ප්‍රදේශයේ උදෑසන ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මාර්ගය ලිස්සන සුළු තත්ත්වයක පැවති බවත්, එය අනතුරට හේතුවන්නට ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. බස් රථය මාර්ගයේ තියුණු වංගුවකදී පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මාර්ගය අසල තිබූ බැවුමකට හැපී නතර වී තිබේ.

විපක්ෂ සාමාජිකයින්ගේ පාතාල සබඳතා ගැන ආරක්ෂක ඇමති කට අරී

විපක්ෂ සාමාජිකයින්ගේ පාතාල සබඳතා ගැන ආරක්ෂක ඇමති කට අරී

මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව අප වාර්තාකරු සනාථ කළේය. බස් රථයේ රියදුරු වහාම ළමුන් ආරක්ෂිතව බස් රථයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ළමුන්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට පියවර ගෙන තිබේ.

අනතුර සිදුවූ වහාම උතුවන්කන්ද පොලිසිය හා ගිලන් රථ සේවය සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබුණත්, තුවාලකරුවන් නොමැති හෙයින් ගිලන් රථ ආධාරයේ අවශ්‍යතාවක් මතුවී නොමැත. පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, බස් රථයේ තාක්ෂණික තත්ත්වය සහ රියදුරුගේ ක්‍රියාකාරකම් පිළිබඳව ද පරීක්ෂා කරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

‘අපේ වාහනවලට ලංකාවේ බදු වැඩියි..’ - ජපානය කියයි

‘අපේ වාහනවලට ලංකාවේ බදු වැඩියි..’ - ජපානය කියයි

මෙම සිදුවීමත් සමඟ උතුවන්කන්ද ප්‍රදේශයේ මාර්ග ආරක්ෂාව පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ අවධානය යොමුව ඇත. වර්ෂාව ඇති විට මාර්ගයේ ලිස්සන සුළු බවත්, එම ප්‍රදේශයේ තියුණු වංගුවලදී රියදුරන් අනතුරුදායක ලෙස රිය පදවන බවත් ඔහු පෙන්වා දුන්හ. මීට පෙරද මෙම මාර්ගයේ සමාන අනතුරු සිදුවී ඇති බවත්, ඒ සඳහා මාර්ග ආරක්ෂණ පියවර තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් ප්‍රදේශවාසීහු අවධාරණය කරති.

පාසල් බස් රථයේ ළමුන් ආරක්ෂිතව බේරීම ගැන එම පාසලේ විදුහල්පතිවරයා සහ දෙමාපියන් සතුට පළ කළ අතර, බස් රථයේ රියදුරුගේ ඉක්මන් ක්‍රියාමාර්ග සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඊට හේතුවූ බව ඔවුහු පැවසූහ. ළමුන්ව ආරක්ෂිතව ඔවුන්ගේ නිවෙස්වලට රැගෙන යාමට පාසල් බලධාරීන් විසින් විකල්ප බස් රථයක් යොදවා තිබේ

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට

ReeCha