28 සහ 32 කේ තරුණියන් ජයටම කරගෙන ගිය දෙයක් අතේ මාට්ටු වෙයි..

Sri Lanka Police Sri Lanka
By Aruna Mar 30, 2023 04:10 AM GMT
Aruna

Aruna

Report

ගල්කිස්ස කටුකුරුඳුවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සහ ඊට සහාය වීම යන චෝදනා මතයි මෙම සැකකාරියන් දෙදෙනා ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත් අඩංගුවට පත් සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 28 සහ 32 යන වයස්වල පදිංචි වැල්ලම්පිටිය සහ විතාරන්දෙණිය ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

සැකකාරියන් අද (30) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now