දුම්රිය මාර්ගයේ Selfie ගැසූ තරුණයා දුම්රියට බිලි වෙයි..අද සිදුවූ හද කම්පා කරන සිදුවීම(PHOTOS)
By Sewvandhi
වව්නියාව චෙට්ටිකුලම දකුණ ප්‍රාදේශීය සභාවේ මැණික්බාම් සොහොන් පාලම ප්‍රදේශයේදී අද (2021.11.05) පෙරවරු 8.05 ට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබේ.
උදෑසන මන්නාරම මධ්‍යම දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළ දුම්රිය මැණික්බාම් සොහොන් පාලම අසලට පැමිණියේ තරුණයින් දෙදෙනෙකු සොහොන් පාලමේ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදීයි.
දුම්රිය එනු දුටු තරුණයෙකු ගඟට පැන ඇති අතර තවත් තරුණයෙකු දුම්රියේ ගැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
මියගිය තරුණයාගේ දේහය චෙට්ටිකුලම දුම්රිය ස්ථානය වෙත භාරදී ඇති අතර ගිලන් රථයකින් මෘත ශරීරය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් චෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


