රෝහලක් අසල බෝම්බයක් පුපුරා යයි - සිදු වූ අනතුරේ තත්ත්වය.. (VIDEO)

By krishani Sep 11, 2023 10:12 AM GMT
Report

අද (11) පාකිස්තානයේ පෙශාවර් නගරයේ රෝහල් සංකීර්ණයක් අසල බෝම්බ පිපිරීමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම පිපිරීම සිදුකර ඇත්තේ ආරක්ෂක අංශ රැගත් රථයක් ඉලක්ක කරගනිමින් ය.

එම සිදු වූ පිපිරීමෙන් එක් ආරක්ෂක අංශ නිලධාරියෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් මෙතෙක් භාර ගෙන නොමැත.

විඩියෝ දර්ශන - BOL News YouTube Channel