උතුරු ප්‍රංශ මුහුදු ප්‍රදේශයේ දී යාත්‍රාවක් පෙරලී 08 දෙනෙකු ජිවිතක්ෂයට...

By Parami Dissanayake Sep 15, 2024 05:20 PM GMT
Report

උතුරු ප්‍රංශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී යාත්‍රාවක් පෙරලීයාමෙන් සංක්‍රමණිකයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

අදාළ යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ,ප්‍රංශයේ සිට එංගලන්තයට යාමට උත්සාහ කිරීමේදී යි.

පෝලන්තයට සහ ඔස්ට්‍රියාවට ගංවතුර බලපෑම්...

පෝලන්තයට සහ ඔස්ට්‍රියාවට ගංවතුර බලපෑම්...

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය අය අතර ළමුන් 6 දෙනෙකු සහ ගැබිනි කාන්තාවන් දෙදෙනෙකු වන බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ සංක්‍රමණිකයින් 50 දෙනෙකුට අධික පිරිසක් සිට ඇති බව සඳහන් වේ.