කාසල් රෝහලෙන් සය නිවුන් දරු උපතක්.(VIDEO/PHOTO)
තවත් සය නිවුන් දරු උපතක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
එම සය නිවුන් දරු උපත වාර්තා වී ඇත්තේ කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලෙනි.
එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළේ රාගම පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් හය දෙනෙකු බිහි කර ඇති බවයි.
අධ්‍යක්‍ෂවරයා පවසන්නේ බිලිඳුන් හයදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
2021 වසරේ ඔක්තෝම්බර් මාසයේ ද මෙරටින් සය නිවුන් උපතක් වාර්තා වූ අතර, එදින පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු උපත ලබා තිබුණා.
කාසල් රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්.පී.සී.සමන් කුමාර මහතා පැවසුවේ, අපිට උපකරණවල හෝ ඖෂධවල අඩුපාඩුවක් නොමැතිව අපට මේ කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් ලොකු අභියෝගයක්. මෙම දරුවන් හයදෙනා ලැබුණේ සති 26කින්... ඒ වගේම දරුවන් බර ග්‍රෑම් 400 - 700ත් අතර. ඉතින් එහෙම දරුවෙක් ජීවත් කරවනවා කියන එක වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අපිට ලොකු අභියෝගයක්. නමුත් අපි ඒ කටයුතු යුහුසුළුව කරගෙන යනවා යනුවෙනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමන් කුමාර මහතා,
