යාචකයෙකුට ගිනි තබා ඝාතනය කළ තරුණයෙක් අල්ලයි. - මරන්න කලින් අනතුරු අඟවලා.
Sri Lanka Police
Sri Lanka
Crime
Death
By Wayomi
හෝමාගම මූලික රෝහල අසල රසායනාගාරයක් ඉදිරිපිට නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට 27 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
මිය ගිය යාචකයා එම රසායනාගාරය ඉදිරිපිට නිදා සිටින අවස්ථාවලදී පැමිණ ඇති අදාළ සැකකරු පැමිණ ” උඹ නාන්නේ නෑ නේද ? නෑවේ නැත්නම් ගිනි තියනවා ” යනුවෙන් මීට පෙර පවසා ඇති බවයි පොලිසිය පවසන්නේ.
පසුව ඊයේ (29) රාත්‍රී කාලයේදී ඔහු මෙම යාචකයාට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බවත්,එම අවස්ථාවේදීම අසල්වාසීන් එක්ව යාචකයා රෝහල් ගත කර තිබෙනවා.
එලෙස රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන මියගොස් ඇති බවත් මෙලෙස මියගොස් ඇත්තේ පෙරැම්බුලි ආරච්චිගේ ධර්මදාස නැමැති 64 හැවිරිදි පුද්ගලයෙක් බවත් පොලිසිය සඳහන් කරනවා
