දඩයක්කරුගේ උගුලට හසුවී ‘හොඬවැල අහිමිව සිටි අලි පැටවා’ කුරිරු ලෝකයෙන් සමු ගනී (PHOTOS)
ELEPHANT
INDUNISIA
BORNIYO
SUMATHRA ISLAND
By Sewvandhi
ඉන්දුනීසියාවේදී දඩයම්කරුවන් විසින් අටවන ලද උගුලකට හසුවී හොඬවැලෙන් අඩක් අහිමි වූ සුමාත්‍රා අලි පැටවෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා මෙම අලි පැටවා අවුරුද්දක් වයසැති දරුණු වඳවීමේ තර්ජනයට ලක්ව සිටි සත්ත්වයෙක් බවයි පැවසෙන්නේ
උගුලට හසුවී සිටියදී ගම්වාසීන් විසින් සොයාගෙන ඇති අතර අලි පැටවා ප්‍රතිකාර කිරීම සඳහා සංරක්ෂණ ආයතනයකට ගෙනවිත් තිබෙනවා සංරක්‍ෂණ නිලධාරීන් පවසන්නේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළ නමුත් දින දෙකකට පසුව ඇතිව තිබූ තුවාල හේතුවෙන් ආසාදනයකට ගොදුරු වීමෙන් පසු මිය ගිය බවයි
බෝර්නියෝ සහ සුමාත්‍රා ස්වභාවික වාසභූමිය තුළ සිදුවන ශීඝ්‍ර වන විනාශය හේතුවෙන් සුමාත්‍රා අලියා බරපතල වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙසයි සලකනු ලබන්නේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
