තොටිල්ලේ තියන්න ඕන කිරිසප්පයා ගිනි උඳුනක තැබුව අම්මා - සීයගෙ කෝල් එකෙන් එකපාරටම වුණ දෙය..

Report

මවක් විසින් තම බිළිඳිය තොටිල්ලේ වෙනුවට ගිනි උඳුනක තැබීමෙන් එම බිළිඳිය මියගිය පුවතක් ඇමරිකා එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයෙන් වාර්තා වේ.

තොටිල්ලේ තියන්න ඕන කිරිසප්පයා ගිනි උඳුනක තැබුව අම්මා - සීයගෙ කෝල් එකෙන් එකපාරටම වුණ දෙය.. | A Baby Dies In The United States

මෙලෙස එම මසක් වයසැති බිළිඳිය ගිනි උඳුනක තබා ඇත්තේ 26 හැවිරිදි මරියා තෝමස් නැමති කාන්තාවක් ය.

ඇයව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ තොටිල්ල යැයි සිතා තමන් බිළිඳාව ගිනි උඳුන මත තැබූ බවයි.

පසුගිය සිකුරාදා 911 හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමකට අනුව හුස්ම නොගන්නා ළඳරුවෙකු සම්බන්ධයෙන් අදාළ නිවසට ගිය මුදවාගැනීමේ කණ්ඩායමක් ගොස් ඇත.

එහිදී එම බිළිඳා සොයාගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දීත් බිළිඳිය මියගොස් සිට ඇති අතර, බිළිඳියගේ ශරීරයේ පිළිස්සුම් තුවාල දක්නට ලැබි තිබෙනවා.

තොරතුරු වාර්තා වන්නේ බිළිඳියගේ සීයා විසින් 911 හදිසි ඇමතුම් අංකයට එම ඇමතුම ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීමට බිළිඳාගේ මව වරදකරු වුවහොත් ඇයට අවම වශයෙන් වසර 10ක සිරදඬුවමක් හෝ උපරිම වශයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවනු ඇත.