මාස හතරේ එන්නතෙන් පසු අවාසනාවන්ත ලෙස බිළිදෙකු මියයයි..

Kurunegala Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 16, 2023 03:44 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කුලියාපිටිය ශික්ෂණ රෝහලෙන් මාස 04 සම්පූර්ණ වූ පසු ලබාදෙන එන්නත ගෙන දිනකට පසු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිදෙකු මියයාමේ පුවතක් වාර්තා වනවා.

අදාළ දරුවාට මාස 04 ට අදාළ එන්නත ලබාදී තිබුණේ ඊයේ දිනයේදී පඩුවස්නුවර බටහිර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින්.

ඉන්පසු, එන්නත්කරණයෙන් පසු ඇතිවන සාමාන්‍ය උණ රෝගී ලක්ෂණ එම බිළිඳා වෙතින්ද පෙන්නුම් කර ඇති අතර පසුව අවශ්‍ය ප්‍රතිකාර ලබාදී තිබුණද අද උදෑසන වන විට රෝග තත්ත්වය උත්සන්න වී තිබෙනවා.

අනතුරුව දෙමාපියන් බිළිදා වහාම කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට  පියවර ගෙන තිබුණත් රෝහල්ගත කරන විටත් දරුවා මියගොස් සිට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

පඩුවස්නුවර බටහිර සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ ඉහළගොමුගොමුව ප්‍රදේශයේ පදිංචි බිළිදු දරුවෙක්,මෙලෙස මියගොස් තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිළිදාගේ දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මේ වන විට රැගෙන ගොස් තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, කෙසේ වෙතත් හෙට දින සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණය පසු ලබාගත් එන්නතේ බලපෑමක් මෙම මරණයට බලපා ඇත්ද යන්න පිළිබඳ නිගමනය කළ හැකි බවයි.

ReeCha