පෝට්සිටි සංගීත ප්‍රසංගයට ආ 24 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඝාතනය කෙරේ.
කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකු ඝාතනය කර තිබෙනවා.
එම සිදුවීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු කොළඹ වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ ඝාතනය සිදු කර ඇත්තේ, අතින් පයින් පහර දීමෙනි.
ඊට අමතරව සිදුවීම සම්බන්ධයෙන් තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.
එලෙස අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් අතර කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑණා කෙනෙකු සිටින අතර මෙම පහරදීම සිදුවන ආකාරය අසල කැමරා පරීක්ෂාවෙන් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
මෙහිදී ඝාතනයට ලක් වූ තරුණ ව්‍යාපාරිකයා සංගීත ප්‍රසංගයට පැමිණ ඇත්තේ, සැකකාර 17 හැවිරිදි තරුණයාගේ කලින් පෙම්වතිය සමඟ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඊට කෝප වූ සැකකරු මෙලෙස පහරදී ඝාතනය කර ඇති බවයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |
