15 හැවිරිදි දැරියකට 26 හැවිරිදි තරුණයෙක් කළ සාහසික වැඩේ..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka
By Aruna Jun 30, 2023 05:02 AM GMT
Aruna

Aruna

Report

වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ගැබිනියක් බවට පත් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පෙරේදා (28දා) විමර්ශනයක් ආරම්භ කළ බව හිදෝගම පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම ස්ත්‍රී දූෂණය මීට වසරකට පමණ පෙර ප්‍රථමවරට සිදුව ඇති බවයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ලැබුණු පණිවිඩයකට අනුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් රෝහලට ගොස් ප්‍රකාශ සටහන් කර ගත් බව ද පොලිසිය කියා සිටියා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුද දැරිය පදිංචි ප්‍රදේශයේම 26 හැවිරිදි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

වින්දිත දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීනී, ඊ. ජී. යූ. එන්. ගුණරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.