ඥාණාක්කගේ දුවගේ නිවසේ සිදු වූ ලක්ෂ 80 සොරකම.

Sri Lanka Police Sri Lanka
By Wayomi Mar 22, 2023 12:31 PM GMT
Wayomi

Wayomi

Report

අනුරාධපුර නගරයේ ප්‍රකට දේවාලයක් පවත්වාගෙන යන ඥාණාක්කා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය පදිංචිව සිටින අනුරාධපුර නව නගරයේ නිවෙසේ සිදු වී ඇති සොරකමක් ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එහිදී රුපියල් ලක්ෂ 80කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරකමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සොරකම ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට පෙරේදා (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ ඥාන අක්කාගේ දියණියගේ සැමියාය.

උතුරු මැද පළාතේ ව්‍යාපෘති කළමනාකරුවකු වන ඔහු පොලිසියට පැමිණිලි කර ඇත්තේ නිවෙසේ කාමරයක අල්මාරියේ තිබුණු රුපියල් 650,000ක මුදල් සමඟ රන් භාණ්ඩ තොගයක් සොරා ගැනීමට ලක්ව ඇති බවයි.

එම පැමිණිල්ලට අනුව සොරාගෙන ඇති මුදල් හා රන් භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් 8,050,000ක් පමණ වන බව සඳහන්.

පොලිසිය සැක කරන්නේ, මෙම රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන ඇත්තේ, නිවෙසේ වසර 06ක පමණ කාලයක් තිස්සේ සේවයේ නිරතව සිටින මෙහෙකාරියක බවටයි.

බළන්ගොඩ පදිංචිකාරියක වන ඇගේ සැමියාත් ඔහුගේ ඥාතියකුත් පැමිණිලිකරුට අයත් කිරික්කුලමේ පිහිටි ඉඩමක වගා කිරීම සඳහා ගෙන්වාගෙන සිට ඇති බවත් ඔවුන් පසුගිය 07 වැනිදා පිටව ගොස් ඇත්තේ නිවෙසේ මෙහෙකාරිය සමඟ බව ද පොලිසිය කියයි.

එම කාන්තාව මෙතෙක් පැමිණ නැති අතර ඇය බළන්ගොඩ නිවෙසට ද ගොස් නැති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

ඒ අනුව සැක කරනුයේ මෙහෙකාරිය විසින් රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන සිය ස්වාමිපුරුෂයා සහ ඥාතියා සමඟ පලා ගොස් ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW