තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

Report

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලුඅග්ගල - කිතුල්වල කන්දේ තැනින් තැන දින කිහිපයක සිට දක්නට ඇති පැලුම් හා ඉරිතලා යාම් නිසා නායයාමේ අවදානමක් උද්ගතවිය හැකි බවට සැක කරන හෙයින් කන්ද අවට ගම්මාන කිහිපයක වෙසෙන ජනතාව ආරක්ෂිත ස්ථානයන්හි නවතා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කලුඅග්ගල කිතුල්වල, ඉහලගම, පහලගම, නයිංගල, වල්පලමුල්ල, පෙදෙස්වල පදිංචිකරුවෝ සියයකට වැඩි පිරිසක් මේ වන විට කලුඅග්ගල පුරාණ විහාරයේ හා නයිංගල විහාරස්ථානයේ රැදි සිටින බව සඳහන්.

එසේම තවත් සමහරු හිතවතුන්ගේ නිවෙස්වල රැදි සිටින බව දැනගන්නට ලැබී ඇත. මේ අතර මිරිගම ගුවන් හමුදා කදවුර පිහිටා ඇත්තේද මෙම කදු බිමේයි.

මහගිරිදඹේත් නාය ‍යයි - ශ්‍රී පාදස්ථානයේ යන අයට අසුබ නිවේදනයක්

මහගිරිදඹේත් නාය ‍යයි - ශ්‍රී පාදස්ථානයේ යන අයට අසුබ නිවේදනයක්

ප්‍රදේශවාසීන් සඳහන් කළේ දින කිහිපයක සිට පැවති පැලුම් ක්‍රමක්‍රමයෙන් විශාල වෙමින් පවතින බවයි.

විශාල ගසක මුල අසලින් තිබු පැලුමෙන් එම ගසේ මුල කැඩී ඇති බවද නිරීක්ෂනය වී තිබෙනවා.

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ කලුඅග්ගල කිතුල්වල කන්දේ තැනින් තැන පවතින පැලුම් හා කුහර සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය මඟින් මූලික පරික්ෂණයක් පවත්වන ලද අතර එමගින් ලැඛෙන වාර්තාවට අනුව ඉදිරි පියවර ගන්නා බවයි.

ආයෙත් අවදානම් නිවේදන කට්ටිය ප්‍රවේශමෙන්

ආයෙත් අවදානම් නිවේදන කට්ටිය ප්‍රවේශමෙන්

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - අද 1න් පසු දිවයිනටම

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - අද 1න් පසු දිවයිනටම