මගී ජීවිත 23ක් අනතුරේ දැමූ බස් රථ කොන්දොස්තරවරයාට සහ රියැදුරුට වැඩ වරදියී
කුඹුක්කන ප්‍රදේශයේ දී ගංවතුර හරහා ගමන් කරමින් මගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමට කටයුතු කළ මොණරාගල – කොළඹ ND-4232 බස් රථයට එරෙහිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ඒ අනුව, ඔවුන්ගේ වැරදි හැසිරීම පිළිබඳව පැවැත්වූ විමර්ශනයෙන් අනතුරුව, බස් රථයේ මාර්ග බලපත්‍රය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඊට අමතරව, කොන්දොස්තරවරයාට සහ රියැදුරුට මාසයක කාලයක් සේවා තහනමක් පැනවීමටද ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.