බොහෝ දෙනා බලන් හිටපු එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අද

Report

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර අද (20) දින පැවැත් වීමට නියමිතව ඇත.

ඒ අනුව පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු‍ පක්ෂවලට ආරාධනයක් ද සිදු කර ඇති බව සඳහන්.

මෙවර එක්සත් ජාතික පක්ෂය සංවත්සරය සමරනු ලබන්නේ ''ඔබේ මතය දරන්න,‍ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න, එකට සිටගමු'' යන තේමාව ඔස්සේයි.

කෙසේ වෙතත් ඇතැම් ආරංචි මාර්ගවලට අනුව අද දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට සහභාගී නොවන බව සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා මීට සම්බන්ධ වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සඳහන් කර ඇත.

එජාපය හෙට 79 වැනි උපන්දිනේ සමරයි

එජාපය හෙට 79 වැනි උපන්දිනේ සමරයි

රංග දිසානායකගේ දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම නීත්‍යානුකූලයි - අල්ලස් කොමිසම

රංග දිසානායකගේ දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම නීත්‍යානුකූලයි - අල්ලස් කොමිසම

පාර්ලිමේන්තු කුස්සියේ මීයෝ, කැරපොත්තෝ පිරිලා.. කුස්සිය දැක්කම කන්න හිතන්නේ නැහැ..

පාර්ලිමේන්තු කුස්සියේ මීයෝ, කැරපොත්තෝ පිරිලා.. කුස්සිය දැක්කම කන්න හිතන්නේ නැහැ..