අභිමානවත් 76 වන නිදහස් දිනය අදයි..ඒ වෙනුවෙන් කරන්න යන දේ මෙන්න..

Report

ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා වසර 76ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන නිදහස් දින සැමරුම් උත්සවය "හදමු අලුත් රටක්" මැයෙන් කොළඹ ගාලුමුයදොර පිටියේදී අද (04) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

අභිමානවත් 76 වන නිදහස් දිනය අදයි..ඒ වෙනුවෙන් කරන්න යන දේ මෙන්න.. | 76 Independent Day In Sri Lanka

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන්නේ තායිලන්තයේ අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැව්සින් මහතායි.

අභිමානවත් 76 වන නිදහස් දිනය අදයි..ඒ වෙනුවෙන් කරන්න යන දේ මෙන්න.. | 76 Independent Day In Sri Lanka

මෙවර නිදහස් දින සැමරම් උත්සවයට රුපියල් කෝටි විස්සක පමණ මුදලක් වෙන් කර ඇතැයි දැනගන්නට ලැබෙන අතර නිදහස් සැමරුම් පෙළපාළිය නැරඹීම සඳහා ජනතාවට ඉඩ ලබා නොදීමට රජය තීරණය කර තිබෙන බව ද පැවසෙනවා.

අභිමානවත් 76 වන නිදහස් දිනය අදයි..ඒ වෙනුවෙන් කරන්න යන දේ මෙන්න.. | 76 Independent Day In Sri Lanka

මේ අතර, 76වැනි නිද­හස් දිනය නිමි­ත්තෙන් ජනා­ධි­පති විශේෂ රාජ්‍ය සමාව යටතේ සිර­ක­රු­වන් 600ක පමණ පිරි­සක් නිද­හස ලැබී­මට නිය­මි­තව තිබෙන බව ද වාර්තා වනවා.

මේ ජනා­ධි­පති සමාව ප්‍රදා­නය කිරීම සඳහා අද (04) සමා­වට සුදු­සු­කම් ලබන සිර­ක­රු­වන් මෙරට සෑම බන්ධ­නා­ගා­ර­ය­කින්ම නිද­හස් කිරී­මට නිය­මි­තව ඇති බවයි, බන්ධ­නා­ගාර කොම­සා­රිස් මාධ්‍ය ප්‍රකා­ශක ගාමිණි බී. දිසා­නා­යක මහතා පවසන්නේ.

ජනා­ධි­ප­ති­ව­රයා වෙත ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 34 වැනි වග­න්ති­යෙන් පැවරී ඇති බල­තල අනුව බන්ධ­නා­ගා­ර­ගත සිර­ක­රු­වන් හට මේ විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතව ඇත.

ඒ අනුව බන්ධ­නා­ගා­ර­ග­තව 2024.02.04 වන දිනට සිර දඬු­වම් විඳි­මින් සිටින සිර­ක­රු­වන් හට ගත කරන ලද වස­ර­කට හෝ ඉන් කොට­ස­කට මාස­යක සමා­වක් දීම, දඩ මුදල් නොගෙ­වීම මත 2024.02.04 දින වන විට සිර දඬු­වම් විඳි­මින් සිටින සිර­ක­රු­වන්ගේ ගෙව­මින් පව­තින දඬු­වමේ ශේෂය අහෝසි කිරීම, 2024.02.04 දින වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බ­න්ධ­යෙන් වර­ද­ක­රු­වන් වී, ඒ සඳහා (දඩ මුදල් නොගෙ­වීම මත නිය­ම­කර ඇති සිර දඬු­වම්ද ඇතු­ළත්ව) පුන­රු­ත්ථා­ප­න­යට යොමු කර ඇති සිර­ක­රු­වන්ගේ නියම කර ඇති පුන­රු­ත්ථා­පන කාල­යෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාල­යක් ගෙවා අව­සන් කර ඇති රැඳ­වූ­වන්ගේ පුන­රු­ත්ථා­පන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරන පනත පරිදි ප්‍රජා විශෝ­ධන නිල­ධා­රි­ය­කුගේ අධී­ක්ෂ­ණය යටතේ ගත කිරී­මට යටත්ව අහෝසි කිරීම සිදු කරනු ඇති බවයි පැවසෙන්නේ.

Sponsored By Sarrita Jewellery

අභිමානවත් 76 වන නිදහස් දිනය අදයි..ඒ වෙනුවෙන් කරන්න යන දේ මෙන්න.. | 76 Independent Day In Sri Lanka